එකම චීනය මූල ධර්මය ජගත් ප්‍රජාවේ පොදු අභිප්‍රාය බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-05-21 19:06:39
Share with:

75 වන ලෝක සෞඛ්‍ය සම්මේලනය ලබන 22 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙනු ඇත. චීන තායිවාන ප්‍රදේශයට එම සම්මේලනයට සහභාගි වීම සඳහා  ආරාධනා ලැබී නොමැත. මෙවර සම්මේලනයේ දී තයිවාන ප්‍රශ්නය පිළිබද චීනයේ ස්ථාවරය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ තායිවානය චීන භූමයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවයි. රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව රැක ගැනීම වෙනුවෙන් චීන තයිවාන ප්‍රදේශය මෙවර ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වීමට චීනය විරුද්ධ වේ. මේ වනවිට රටවල් 90ක් පමණ එකම චීනය මූල ධර්මය අනුගමනය කිරීම හා තයිවාන ප්‍රදේශය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීමට විරුද්ධ වන ස්ථාවරය පළ කර තිබේ. එකම චීනය මූල ධර්මය ජගත් ප්‍රජාවේ පොදු අභිප්‍රාය බව ඉන් පෙන්නුම් කෙරේ. එම ප්‍රශ්නය මත බහුතර රටවල් සාධාරණ මෙන්ම යුක්ති සහගත ස්ථාවරය දරන බව ඉන් පිළිබිඹු වන බව Wang Wenbin මහතා කියා සිටි‌යේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම