ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර
2022-05-21 16:41:55
Share with:

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හිමිවන රුපියල් බිලියන 02 කට වඩා වැඩි වටිනාකමකින් යුත් මානුෂීය  ආධාර තොගයක් හෙට(22) කොළඹට ළඟා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

එහි පළමු තොගය සහල් මෙට්‍රික් ටොන් 9,000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මෙට්‍රික් ටොන් 25 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ.

ඒවා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිතය.

මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රජය විසින් උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර බෙදා හැරීම සිදු කෙරේ.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම