හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසට ජෝන් ලී පත් කෙරේ
2022-05-21 19:48:27
Share with:


හොංකොං විශේෂ පරිපාලන කලාපයේ  හයවන වාරයේ  ප්‍රධාන විධායක නිලධාරිවරයා  ලෙසට ජෝන් ලී මහතා පත් කිරීමට චීන රාජ්‍ය මණ්ඩලය පියවර ගනී.

හෙතෙම  ලබන  ජුලි 1 වෙනිදා සිය ධුරයේ රාජකාරී ආරම්භ කරනු ඇත.

චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යන් මහතා රාජ්‍ය මණ්ඩල රැස්වීමේ මුලසුන දැරූ අතර අදාළ පත්වීම පිළිබඳ තීරණයට අත්සන් තැබීය.

මැයි 8 වැනිදා පැවැති ප්‍රධාන විධායක මැතිවරණයෙන් ලී ජයග්‍රහණය කළේය.

රාජ්‍ය මණ්ඩල රැස්වීමේදී මැතිවරණය පිළිබඳ  හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ වාර්තාව සාකච්ඡාවට ලක් කෙරිණ. ජෝන් ලී මහතාගේ මැතිවරණ ජයග්‍රහණයෙන්  පෙන්නුම් කෙරෙන්නේ හොංකොං හි සියලුම අංශවල සහයෝගීතාව‍යෙන් නව ගමනක් ආරම්භ කිරීමට ඇති පොදු අපේක්ෂාව බව එම වාර්තාවේ දැක්වේ.

රැස්වීම ඇමතූ චීන අගමැතිවරයා පැවසුවේ හොංකොං ජනතාව විසින් හොංකොං පාලනය කරන "එක් රටක්, ක්‍රම දෙකක්" යන මූලධර්මය පූර්ණ හා විශ්වාසවන්ත අයුරෙ

 ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය දැඩිව  කැපවන බවයි. නීතිය පදනම් කරගත් පාලනයක් ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ  ප්‍රධාන විධායක නිලධාරියාට සහ රජයට පූර්ණ සහාය ලබා දෙන බවද චීන අගමැතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම