බොහෝ රටවලින් වාර්තා වී ඇති Monkeypox සිද්ධීන් " අනාකෘතික " තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2022-05-21 16:49:46
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(20) පෙන්වා දුන්නේ, මෑතකදී බොහෝ රටවලින් වාර්තා වූ Monkeypox මුළු රෝගීන් සංඛ්‍යාව 80ක් පමණ වන අතර, තවත් රෝගීන් 50 ක් සම්බන්ධයෙන් තහවුරු කිරීමේ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි. 

එම රෝගය පැතිරීමට ආවේණික නොවන රටවලි හමුවූ Monkeypox රෝගීන්  "අනාකෘතික" තත්ත්වයක්  බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(20) විශේෂඥ සහ තාක්ෂණික උපදේශක කණ්ඩායම් රැස්වීම් පවත්වා, ගෝලීය Monkeypox පිළිබඳ තොරතුරු හා ඊට මුහුණ දීමේ පියවර පිළිබඳව සාකච්ඡා කර තිබේ.

Monkeypox සාමාන්‍යයෙන්  ඇතැම් රටවල යම් සත්ව කොට්ඨාස අතර පැතිරුන ද , ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට ආසාදනය වීම කලාතුරකින් සිදු වන්කි. වෛරසය සමීප සම්බන්ධතා හරහා සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය විය හැකි ය. මිනිසාගෙන් මිනිසාට ආසාදනය වීමේ තත්ත්වය අඩු වන නමුත්, රෝගීයා හා සමීප සම්බන්ධතා වීමෙන් එය ආසාදනය විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ සඳහන් කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම