ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සහ ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඒකාබද්ධ නිවේදනයක්
2022-05-21 16:43:55
Share with:

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව,  ආසියා සංවර්ධන බැංකුව සහ ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙම ආයතන තුන අතර පොදු ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කර ගැනීම සදහා විශේෂ සම්බන්ධීකරණ හමුවක් පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සදහා අවශ්‍ය මූලික සේවා සහ ජීවනෝපායන් තිරසර අයුරින් පවත්වාගෙන යාමට සාමූහික ප්‍රවේශයක් යටතේ ක්‍රියාත්මක වීමට ලෝක බැංකුව ආසියා සංවර්ධන බැංකුව සහ ආසියා යටිතල ආයෝජන බැංකුවේ අවධානය යොමුව ඇත. ඖෂධ, ගෑස්, පොහොර සහ මුල්‍යාධාර ලබා දීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වෙයි. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කර ඇති සම්පත් ප්‍රතිව්‍යුහ ගත කිරීමට එහි දී කටයුතු කෙරෙනු ඇත.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම