ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම සම්බන්ධයෙන් කනසල්ල පළ කිරීමට අයිතියක් ඇති බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය පවසයි
2022-05-21 16:25:54
Share with:

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදාහැරීම පිළිබද ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ ප්‍රධාන ලේකම්වරයා අදහස් දක්වයි.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ ප්‍රධාන ලේකම් Rafael Mariano Grossi මහතා ජපානයේ නිරත නිල සංචාරය අවසන් වීම‌ට පෙර මාධ්‍ය හමුවකදී පැවසුවේ ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම සම්බන්ධයෙන් කනසල්ල පළ කිරීමට ජපාන ජාතිකයන්ට, අසල්වැසි රටවලට හා ප්‍රදේශ වලට අයිතියක් ඇති බවයි. ෆුකුෂිමා හි වැසියන්ට උපරිම ගෞරවය හිමිවිය යුතු අතර ඔවුන්ගේ ජීවිත හා මානසික තත්ත්වයට අඛණ්ඩව බලපෑම් එල්ල වනු ඇත. ජපානයේ එම සැලැස්ම ජාත්‍යන්තර පරාමුණ බලශක්ති ඒජන්සිය අඛණ්ඩව පරීක්ෂා කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම