චීනය හා නැගෙනහිර ටිමෝරය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 20වන සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයන් ගෙන් සුබ පැතුම්
2022-05-20 18:45:59
Share with:

චීනය හා නැගෙනහිර ටිමෝරය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 20වන සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරු සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගනිති.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කළේ ගෙවුනු වසර 20ක කාලය තුළ නැගෙනහිර ටිමෝරය සිය ආර්ථිකය හා ජන ජීවිත වර්ධනය සක්‍රීය ව සිදු කර ඇති බවයි. වසර 20කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භයේ සිට චීනය හා නැගෙනහිර ටිමෝරය සිය අන්යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් ලෙස වර්ධනය කර ගෙන තිබේ.ප්‍රායෝගික සහයෝගතාවේ ශක්තිමත් වර්ධනයක් අත්කර ගැනිමට ද දෙපාර්ශ්වයට හැකිවී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ.දෙරටේ ජනතාව අතර හා සංස්කෘතික හුවමාරු වඩාත් සමීප වී තිබේ.ද්වීපාර්ශ්වික සබඳාවන් හී ස්ථාවර සංවර්ධනයක් ඉන් පිළිබිඹු කෙරෙන බවද චීන ජනාධිපතිවරයා පැවසීය. සබඳතා තවදුරටත් වර්ධනයට නැගෙනහිර ටිමෝර ජනාධිපති රාමෝස් හොර්ටා මහතා සමග කටයුතු කිරීමට තමන් සූදානම් බවද ෂී ජින්පිං මහතා පැවසීය. රාමෝස් හොර්ටා මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් චීනය කලාපීය හා ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගය කළේය.තම රටේ සංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දෙන ශක්තිමත් සහයෝගය ද හෙතෙම පැසසුමට ලක් කළේය.මේ අතර චීන අගමැති ලීක ච්‍යන් මහතා නැගෙනහිර ටිමොර් අගමැති Taur Matan Ruak සමඟ සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගත්තේය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ස්ථාවර ප්‍රගතියක් සමඟ වර්ධනය වෙමින් පවතින බව චීන අගමැතිවරයා කීය.

නැගෙනහිර ටිමෝරය සමඟ මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා වර්ධනය කර ගැනීමට චීනය වැදගත්කමක් දක්වන බවත් ගැඹුරු සහ වඩාත් සංයුක්ත ද්විපාර්ශ්වික සබඳතා සඳහා අඛණ්ඩව සහාය දෙන බවත් ඔහු පැවසීය.

නැගෙනහිර ටිමෝර අගමැතිවරයා පැවසුවේ පශ්චාත්-වසංගත ස‍මයේ අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීම සඳහා දෙපාර්ශවය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට  අපේක්ෂා කරන බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම