ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලබාදීමට අදාළව පැවැත්වෙන IMF තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන 24 වැනි දා අවසන්
2022-05-20 18:42:50
Share with:

ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලබාදීමට අදාළව පැවැත්වෙන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන 24 වැනි දා අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

එහි ප්‍රකාශක ජෙරී රයිස්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳ මූල්‍ය අරමුදල ඉතා සමීපව නිරීක්ෂණය කරන බවයි.

IMF ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට තමන් කැපවී සිටින අතර එහිදී මුහුණ දෙන අර්බුදය කාලෝචිත ලෙස විසඳීමට සහය දැක්වීම සඳහා තම පාර්ශවකරුවන් සමග සම්බන්ධ වන බවට ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම