ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 4×100 සහය දිවීම ලෝකඩ පදක්කම චීනයට හිමිවෙයි
2022-05-20 12:48:55
Share with:

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී චීන පිරිමි මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම දිනාගත් බව නිවේදනය කෙරේ. ලෝසාන්හිදී ඊයේ (19) පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු රැස්වීමේදී මේ බව ප්‍රකාශයට පත්කෙරිණ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී බ්‍රිතාන්‍ය කෙටි දුර ධාවන ක්‍රීඩක Chijindu Ujah තහනම් උත්තේජක රෙගුලාසි උල්ලංඝනය කළ බවට, ක්‍රීඩා සඳහා වූ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය ඉකුත් පෙබරවාරි 18 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව, ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 4x100 සහය දිවීමේ අවසන් තරගයේ සහ මීටර් 100 පිරිමි ඉසව්වේ Chijindu Ujah ගේ ප්‍රතිඵල ද අවලංගු වූ අතර, එම උළෙලේ පිරිමි මීටර් 4x100 සහය දිවීමේ අවසන් තරගයෙන් බ්‍රිතාන්‍යය දිනාසිටි රිදී පදක්කමද අහිමි විය. කැනේඩියානු කණ්ඩායමට රිදී පදක්කමත්, චීන කණ්ඩායමට ලෝකඩ පදක්කමත් මෙහිදී හිමිවිය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී චීන පිරිමි මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායමක් දිනාගත් පළමු පදක්කම මෙය වීමත් කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම