ෆින්ලන්තය හා ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීම තුර්කිය පිළිනොගන්නා බව යළි අවධාරණය කෙරේ
2022-05-20 10:51:12
Share with:

ෆින්ලන්තය හා ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීම තුර්කිය පිළිනොගන්නා බව, එරට ජනාධිපතිවරයා යළි ප්‍රකාශ කරයි.

ඊයේ (19) පැවති උත්සවයකට එක්වූ තුර්කි ජනාධිපති Tayyip Erdogan මහතා මේ බව යළි අවධාරණය කළේය. ඔහු පවසන්නේ, ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීම සම්බන්ධයෙන් තුර්කිය කිසිසේත් එකඟ නොවන බවයි.

කුර්දි කම්කරු පක්ෂය, සිරියානු කුර්දි සන්නද්ධ බලවේගය වන   "ජනතා ආරක්ෂණ හමුදා " සහ ""ගුලන් ව්‍යාපාර සංවිධානය" යන සංවිධානවල සාමාජිකයින්ට සහය දීම පිළිබඳව ෆින්ලන්තයට සහ ස්වීඩනයට තුර්කි ජනාධිපතිවරයා චෝදනා කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම