ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනයේ කැමැත්ත
2022-05-20 19:03:43
Share with:

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සාමාජීය සංවර්ධනය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) මාධ්‍ය හමුවකදී  වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග, චීනයට වටහා ගත හැකි බවයි. 

චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පිළිබඳව සඳහන් කළ හෙතෙම, අදාළ මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර  එය නිසි ලෙස විසඳා ගැනීමට චීනය සහාය දෙයි.

අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්ය ආයතන සමඟ, ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට අඛණ්ඩව  කටයුතු කිරීමට ද චීනය කැමැත්තෙන් සිටින බව, Wang Wenbin මහතා සදහන් කළේ ය.

එසේම විදේශ ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ද, රටේ ආයෝජන සහ මූල්‍ය පරිසරයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ද, ශ්‍රී ලංකාව ස්වකීය උත්සාහයන් දරනු ඇතැයි, චීනය බලාපොරොත්තු අතර ඒ පිළිබඳ විශ්වාසයෙන් සිටින බව ද, Wang Wenbin මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම