නෝට්ටු ලෙසින් සන්තකයේ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය අඩු කෙරේ
2022-05-20 18:44:31
Share with:

රට නිවැරදි මාවතකට යොමු වෙමින් පවතින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එය සැලකිය යුතු ප්‍රගතියකි. රටේ ප්‍රචණ්ඩ ක්‍රියා ද නොමැත. එය රට නිවැරදි මාවතකට යොමුවීමක් බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.

මේ අතර මෙරට වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට තම සන්තකයේ නෝට්ටු ලෙසින් තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඩොලර් දසදහස දක්වා අඩු කිරීමට මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ. කලින් එය ඩොලර් 15000 ක් පැවතිණ. එසේ උපයාගත් ආකාරය හෙලි කළ නොහැකි ඩොලර් නෝට්ටු තම සන්තකයේ ඇත්තම් ඒවා බැංකු පද්ධතියට එක් කිරීමට හෝ රුපියල් බවට පරිවර්තනය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබාදෙන බව මහබැංකු අධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම