චීන ජනාධිපතිවරයා විදේශ රටවල්වලින් අධ්‍යාපනය ලැබ මව් රටට යළි පැමිණි චීන තරුණ විද්වතුන් පිරිස දක්වන කැපවීම අගය කරයි.
චීන නැන්ජිං විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේ 120 වන සංවත්සරය නිමිත්තෙන් විදේශ රටවල් වලින් අධ්‍යාපනය ලැබ මව් රටට යළි පැමිණ සිටින එම විශ්වවිද්‍යාලයේ තරණ විද්වතුන්ට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.
තරුණ පරපුරේ විද්‍යාඥයන් ආදර්ශයට ගනිමින් තරුණ විද්වතුන් විදේශ රටවල් වලින් අධ්‍යාපනය ලැබ යළි මව් රටට පැමිණ විද්‍යා හා අධ්‍යාපන කටයුතු වල නියැළීම ෂී ජින්පිං මහතා අගය කළේය. නැන්ජිං විශ්වවිද්‍යාලවල සියළු ගුරු සිසු දෙපිරිස හා ආදි ශිෂ්‍යයන් වෙත හෙතෙම සුබ පැතුම් පිරිනැමීය.
මව් රට වෙනුවෙන් කැපවී ජනතාව සේවය කිරීම පෞද්ගලික වගකීමක් ලෙසට ගෙන තරුණ විද්වතුන් කටයුතු කළ යුතු ය. ඉහළ මට්ටමෙන් අධ්‍යාපනය ලබා දෙමින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර වල රටේ ස්වාධීනත්වය හා ස්වයං දියුණුව ඉටු කිරීම සඳහා තරුණ විද්වතුන් නව ජයග්‍රහණ ගෙන දෙනු ඇතැයි හෙතෙම අවංක අපේක්ෂාව පළ කර ඇත.
මෑතකදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයේ සිට නැන්ජිං විශ්ව විද්‍යාලයේ සේවය කිරීම සඳහා විදේශ අධ්‍යාපන ලැබීමෙන් පසු මව් රටට පැමිණි තරුණ විද්වතුන් 120 දෙනෙක් ෂී ජින්පිං මහතා වෙත ලිපියක් යොමු කර ඇත. අධ්‍යාපනය ලබා දීම, විද්‍යාත්මක පර්යේෂණ හා නවෝත්පාදන පිළිබඳව ඔවුන් සිය අදහස් ෂී ජින්පිං මහතා වෙත ඉදිරිපත් කර ඇත. යහපත් සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යමින් රට ශක්තිමත් කිරීමේ වගකීම් භාර ගැනීම ඔවුන්ගේ ස්ථිර අධිෂ්ඨානය එම ලිපියෙන් අවධාරණය කර ඇත.