ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුවට චීන ජනපතිගෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක්
2022-05-19 09:04:43
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව ස්ථාපිත වීමේ 70 වැනි සංවත්සරයේ සැමරුම් සම්මේලනය සහ ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව අමතයි.

වත්මන් කාලයේ විවිධ රටවල වාණිජ හා කාර්මික ක්ෂේත්‍රයන්ට, සාමකාමී සංවර්ධනය, යුක්තිය, සාධාරණත්වය සහ සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ දිනාගැනීම සඳහා දැඩි අවශ්‍යතාවක් ඇති බව  වීඩියෝ ආකාරයෙන් ඊයේ(18) එම අවස්ථාවට එක්වූ චීන ජනාධිපතිවරයා පැවසීය.

මේ සඳහා හෙතෙම සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

පළමුවැන්ම වසංගතය ජය ගැනීමය. මෙහිදී ජනතාව හා ජන ජීවිතයට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.

දෙවැන්න, වසංගත පාලනය හා ආර්ථික සංවර්ධනය මනා සම්බන්ධීකරණයකින් පවත්වා ගෙන යා යුතුය.

තුන්වනුව, නව සැඟවුණු වර්ධන හැකියාවන් ගවේෂණය කර, බුද්ධිමය දේපළ අයිතීන් සුරැකීමට ද පොදුවේ ප්‍රයත්න දැරිය යුතුය.

සිව්වැන්න, සැබෑ බහුපාර්ශ්විකවාදයෙහි නියැළී සිටිය යුතුය.

චීනයේ, ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොවනු ඇත. වෙළඳපොළකරණ, නීත්‍යනුකූල භාවයෙන් යුතු මෙන්ම ජාත්‍යන්තරකරණ ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමෙහි චීනය අඛණ්ඩව නිරත වන අතර, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම ක්‍රියාත්මක කරමින් අදාළ රටවල් සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ  පොදුවේ සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇත. ගෝලීය වාණිජ හා කාර්මික ක්ෂේත්‍ර වෙනුවෙන් පුළුල් වෙළඳපොළ අවස්ථා, ආයෝජන හා සංවර්ධන අවස්ථා ලබා දීමට චීනය කටයුතු කරනු ඇති බව ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම