"ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන සමුළුවේ බෙයිජිං මුලපිරීම" පිහිටුවා ගැනේ
2022-05-19 13:37:50
Share with:

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව ස්ථාපිත වීමේ 70 වැනි සංවත්සරයේ සැමරුම් සම්මේලනය සහ ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව පැවැත්වෙයි. චීනයේ බෙයිජිං නුවර ඊයේ (18) පැවති ඊට, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව සමග රටවල්  සහ කලාප 59ක වෙළඳ ප්‍රවර්ධන ආයතන මෙන්ම ව්‍යාපාරික නියෝජිතයෝ එක්වූහ. එහිදී  හුවමාරු හා සාකච්ඡා මගින් පුළුල් එකඟතාවයකට පැමිණි ඔවුහු "ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන සමුළුවේ බෙයිජිං මුලපිරීම" පිහිටුවා ගත්හ.

වසංගතයේ අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන්, ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව සහයෝගීතා පවත්වා ගත යුතු බවත්, වසංගතය දේශපාලනීකරණයට විරුද්ධ විය යුතු බවත්, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කළ යුතු බවත් එම මුලපිරීම යෝජනා කරයි. එසේම, සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රගුණ කරන ලෙස ද එය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. සමතුලිත ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය  සඳහා රජයන්, ජාත්‍යන්තර සංවිධාන සහ අදාළ ආයතන සමඟ එක්ව කටයුතු කරන ලෙස එම මුලපිරීම මගින් ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට උපදෙස් දෙයි.

ඒ අතරම, නව තාක්ෂණයන්, නව නිෂ්පාදන සහ නව ආකෘති සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල්කරණය, අන්තර්ජාලගත කිරීම් සහ සුහුරුකරණය ප්‍රවර්ධනය කරමින් විද්‍යාත්මක හා තාක්‍ෂණික ශිෂ්ටාචාරය සෑම රටකම ජනතාවට ප්‍රයෝජනවත් විය යුතු බව ද ඉන් අවධාරණය  කෙරේ.

ඊට අමතරව, ආර්ථිකය, බලශක්තිය සහ කාර්මික ව්‍යුහයේ හරිත සංවර්ධනය සහ චක්‍ර ආර්ථිකය දියුණු කිරීම සඳහා ද එම මුලපිරීම ව්‍යාපාරික ප්‍රජාවට උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම