චීන ජනාධිපතිවරයා බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුව අමතයි
2022-05-19 20:10:59
Share with:

චීන ජනාධිපතිවරයා බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අමතයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(19) පැවති එම සමාරම්භක උත්සවයේ දී මාර්ගගතව දේශනයක් කරමින් පැවසුවේ සාමය හා සංවර්ධනය යන යුගයේ තේමාව වෙනස් නොවන බවයි. ජගත් ප්‍රජාවේ සක්‍රීය, අර්ථකාරී මෙන්ම ඉහළට නැංවන බලයක් ලෙස බ්‍රික්ස් රටවල් ප්‍රායෝගික ක්‍රියා ඔස්සේ සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් විපර්යාසී තත්ත්වයක පවතින ජාත්‍යන්තර සබදතාවට ස්ථාවරත්වය හා ජීවය එක් කළ යුතු බව ෂී ජින් පිං මහතා පැවසීය. බ්‍රික්ස් රටවල් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය හා ආරක්ෂක සහයෝගය ශක්තිමත් කරමින් පොදු ආරක්ෂාව සහිත මානව ප්‍රජාව ගොඩනැගිය යුතු ය. සෙසු නැගී එන නව වෙළදපොල රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සංවාද පැවැත්වීම, සහයෝගිතා ශක්තිමත් කිරීම හා අන්‍යෝන්‍ය වාසි ගැඹුරු කිරීම බ්‍රික්ස් රටවල් 5විසින් සිදු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම