විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ඉල්ලීමක්
2022-05-19 16:45:53
Share with:

නාස්තිය අවමකර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පස්වරු 06.00 ත් රාත්‍රි 09.00 ත් අතර කාලයේ උපරිම විදුලි ඉල්ලුමක් පවතී. වෙළඳ දැන්වීම් සඳහා මෙන්ම ගොඩනැගිලි අලංකරණ කටයුතු සඳහා ද එම කාලයේදී විදුලිය භාවිත කෙරේ. ඇතැම් වෙළඳසැල් තුල ද විදුල පහන් විශාල සංඛ්‍යාවක් යොදාගෙන ආලෝකවත් කර තිබේ. ඩිජිටල් දැන්වීම් පුවරු ආදියට ද විදුලිය වැයවේ. එබැවින් එම විදුලි නාස්තිය අවම කරන ලෙස එම අධිකාරිය අදාල සියලු පාර්ශව වලින් ඉල්ලා සිටියේය. සංඥා සහ මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝවත් කිරීමට ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය භාවිත නොකරන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

ආරක්ෂක කටයුතු සඳහා හැරුනු විට වෙනත් සියලු ආකාරයේ ආලෝක කරණය සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගන්නා ලෙස එම අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම