ටිබෙට් කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර කිසිදු විදේශ බලවේගයකට ඊ‍ට මැදිහත් විය නොහැකියි - චීනය
2022-05-19 19:26:28
Share with:

ටිබෙට් ස්වයාත්තය සම්බන්ධ කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු  බවත්, කිසිදු විදේශ බලවේගයකට ඊට මැදිහත් විය නොහැකි බවත්, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

වාර්තාවලට අනුව, ඇමරිකානු උප රාජ්‍ය ලේකම් හා චීන ටිබෙට් ස්වයාත්ත කටයුතු පිළිබඳ විශේෂ සම්බන්ධීකාරකවරයා, ඊයේ(18) ඉන්දියාවේ දී “පිටුවහල් කරන ලද ඊනියා ටිබෙට් ආණ්ඩුවේ”ප්‍රධානියා හා නියෝජිතයන්  කිහිප දෙනෙකු හමු වී තිබේ.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා සඳහන් කළේ, “පිටුවහල් කරන ලද ටිබෙට් ඊනියා ආණ්ඩුව”ට සම්බන්ධ නියෝජතියන් අනිවාර්යයෙන්ම බෙදුම්වාදී දේශපාලන කල්ලියක් බවයි. ලෝකයේ කිසිදු රටක් ඔවුන්ව පිළිගෙන නොමැත. දහහතරවන දලයි ලාමා යනු ආගමික වෙස් ගත් දේශපාලන පිටුවහල් චරිතයකි. ඔහු දීර්ඝ කාලයක් පුරා චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නිරත වන බව Zhao Lijian මහතා සඳහන් කළේ ය.

ඇමරිකාව ටිබෙට් ප්‍රශ්න භාවිත කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නතර කළ යුතු බවත්, චීන විරෝධී බෙදුම්වාදී දහහතරවන දලයි ලාමා ගේ ක්‍රියාකාරකම්වලට සහයෝගය නොදිය යුතු බවත්, Zhao Lijian මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම