බටහිර රටවල් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවණීය සංවාද පැවැත්වීම කෙරෙහි විවෘත ආකල්පයක් දරන බව රුසියාව කියයි
2022-05-19 13:40:24
Share with:

බටහිර රටවල් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවණීය සංවාද පැවැත්වීම කෙරෙහි රුසියාව විවෘත ආකල්පයක් දරන බව රුසියානු ෆෙඩරල් කවුන්සිලයේ සභාපතිනිය පවසයි.

රුසියානු ෆෙඩරල් කවුන්සිලයේ සභාපතිනී Valentina Ivanovna Matviyenko මහත්මිය ඊයේ(18) මාධ්‍ය අමතමින් මේ බව පැවසුවාය. එහෙත් සංවාදය නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙන්නේ විශේෂ හමුදා මෙහෙයුම අවසන් වූ පසුව යැයි ද ඇය සඳහන් කළාය.

යුක්රේනයේ ජෛව විද්‍යාගාර, ඇමරිකාවේ සහාය ඇතිව ඇමරිකාව සඳහා යුදමය ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සිදු කරන බවට නව සාක්ෂි ඇතැයි, රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය ඊයේ(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. රුසියාව “ජෛව විද්‍යාත්මක ආයුධ සම්මුතියේ 5 සහ 6 වගන්තිවල විධිවිධානයන්ට අනුව, ඇමරිකාව විසින් යුක්රේනයේ ජෛව විද්‍යාත්මක අවි නිපදවීම පිළිබඳව විමර්ශනය කරනු ඇතැයි ද ඇය පැවසුවාය.

මේ අතර, මැයි 25 වන දින අලුයම සිට දින 90 ක් පුරා යුද තත්ත්වය දීර්ඝ කරන බවට, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා ඊයේ(18) ජනාධිපති නියෝගයකට අත්සන් තැබීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම