රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල කැඳවීම සීමා කෙරේ
2022-05-18 15:48:35
Share with:

පවත්නා තත්ත්වය මත රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට රජයේ අවධානය යොමු වෙයි.

රට තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතා හා සියලු දිස්ත්‍රික් හා ප්‍රා දේශීය ලේකම්වරුන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ. ඉන්ධන , විදුලිය හා ගෑස් සැපයීම සීමාවීම හා දැනට රටතුළ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ වියදම් අවම කර ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක්ව ති‍බේ. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් රාජකාරි සඳහා කැඳවීම සීමාකර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සේවයට කැඳවීමේ අවශ්‍යතාව මෙන්ම දෛනික රාජකාරි නිවසේ සිට කරගෙන යාමට හැකි සෑම අවස්ථාවකදීම ඒ සඳහා ඉඩකඩ සැලසෙන පරිදි රාජ්‍ය සේවකයින්ට අවස්ථාව සළසා දිය යුතු බවට ද එහිදී තීරණය විය.

ගුවන් විදුලිය
20240410බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම