චීනය සහ නෙදර්ලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයෝ සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති
2022-05-18 20:51:17
Share with:

චීනය සහ නෙදර්ලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(18) නෙදර්ලන්තයේ Willem-Alexander Claus George Ferdinand රජුතුමා සමඟ, සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.

ෂී ජින් පිං මහතා සුබ පැතුමෙන් සඳහන් කළේ, චීන-නෙදර්ලන්ත සබඳතා සංවර්ධනය කිරීම කෙරෙහි තමා ඉහළ අවධානයක් යොමු කරන බවයි. Willem-Alexander රජු සමඟ, චීන-නෙදර්ලන්ත සබඳතාවල තිරසර, හිතකර සහ ස්ථාවර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව උත්සාහ දැරීමට තමා කැමැත්තෙන් සිටින බව ද , ෂී ජින් පිං මහතා පැවසීය.

Willem-Alexander රජු පෙන්වා දුන්නේ, ගෙවී ගිය වසර 50ක් තුළ දෙරට අතර සබඳතා මැනවින් සංවර්ධනය වී ඇති බවයි. දෙපාර්ශ්වයේම සාමූහික උත්සාහයෙන්, නෙදර්ලන්තය සහ චීනය අතර දීප්තිමත් හා ඵලදායී සබඳතාව තවදුරටත් ශක්තිමත් කර සංවර්ධනය වනු ඇතැයි තමා විශ්වාස කරන බව, Willem-Alexander රජු සඳහන් කළේ ය.

මේ අතර චීන හා නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරු ද අද  සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම