බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුව හෙට
2022-05-18 19:52:42
Share with:

බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුව හෙට(19) මාර්ගගතව පැවැත්වෙන බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශක Wang Wenbin මහතා අද(18) මාධ්‍ය හමුවකදී පැවසීය. චීන රාජ්‍ය මණ්ඩල‍ සාමාජික විදේශ ඇමති වං යී මහතා එම සමුළුවේ මුලසුන දරනු ඇත. බ්‍රික්ස් රටවල ක්‍රමය, ගෝලීය බලපෑම් සහිත නැගී එන නව වෙළෙඳපොළ රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ක්‍රමය වේ. වසංගතය හා ජාත්‍යන්තර තත්ත්වයේ විශාල වෙනස්කම් සිදුවන පසුබිම යටතේ බ්‍රික්ස් ක්‍රමය, නැගී එන නව වෙළඳපොල රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගය, පශ්චාත් වසංගත සමයේ ලෝක ආර්ථික පුනරුත්ථාපනයට වැදගත් අර්ථයක් ගෙන දෙයි. 2022 වසරේ බ්‍රික්ස් සභාපති රටක් ලෙස සෙසු බ්‍රික්ස් රටවල් සමග වත්මන් ජාත්‍යන්තර තත්ත්වයේ නව ලක්ෂණ හා නව අභියෝග, ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට චීනය බලාපොරොත්තු වන බව Wang Wenbin මහතා පැවසීය.‍‍

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම