යුක්රේන -රුසියා ගැටුම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර දුරකථන සාකච්ඡාවක්
2022-05-18 11:00:01
Share with:

යුක්රේන -රුසියා ගැටුම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සහ  ප්‍රංශ ජනාධිපතිවරයා  දුරකථන සාකච්ඡාවක් පවත්වති.

යුක්රේන ජනාධිපති Volodymyr Oleksandrovych Zelensky මහතා ඊයේ (17) සිය සමාජ  මාධ්‍ය ගිණුමේ මේ බව ප්‍රකාශ කළේය. ප්‍රංශය යුක්රේනයට ආරක්ෂක සහනාධාර ලබා දීම, රුසියාවට එරෙහි 6වන වටයේ සම්බාධක පැනවීමේ සූදානම් කටයුතු , යුක්රේන කෘෂි නිෂ්පාදිත අපනයන ශක්‍යතාව සහ යුක්රේනය යුරෝපා සංගමයට එක්වීම යන කරුණු එහිදී සාකච්ඡා කෙරිණ.  

මේ අතර, යුක්රේනය සැබවින්ම රුසියා-යුක්රේන සාකච්ඡාවෙන් ඉවත් වී ඇති බව රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා ඊයේ පැවසීය. රුසියාව සමග සාකච්ඡාව මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව ද යුක්රේන ජනාධිපතිවරයාගේ කාර්යාල උපදේශකයෙක් පවසා ඇත.  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම