ඇමරිකාවේ කො‍රොනා ජීවිත හානි ඉහළට
2022-05-18 11:11:20
Share with:

ඇමරිකානු නැගෙනහිර වේලාවෙන් 17 වනදා වන විට ඇමරිකාවෙන් වාර්තා වූ නව කොරොනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගිය බව ඇමරිකානු Johns Hopkins විශ්ව විද්‍යාලය නිකුත් කළ සංඛ්‍යාලේඛනයක දැක්වේ.

කැලිෆෝනියා හා ටෙක්සස් යන ජනපද දෙකෙන් වැඩිම මරණ වාර්තා වූ බවත් දැනට දසලක්ෂ හතරක් වන මරණ සංඛ්‍යාව තවමත් තරමක වේගයකින් වැඩි වෙමින් පවතින බවත් ඉන් හෙළි වේ. රටේ සමස්ත මරණ සංඛ්‍යාව අට ලක්ෂයක සිට නව ලක්ෂයක් දක්වා වැඩිවීමට ගත වී ඇත්තේ දින 52ක් වන අතර නව ලක්ෂයක සිට මිලියනයක් දක්වා වැඩිවීමට ගත වූයේ දින 102ක් බව ද වාර්තා වේ. 

මේ වන විට ඇමරිකාවෙන් වාර්තාවූ සමස්ත නව කොරොනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අටකෝටි විසිහය ලක්ෂ අසූ දහස් නව සිය නවයකි. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම