චීන ජනාධිපතිවරයා සහ පිලිපීන නව ජනාධිපතිවරයා දුරකථන සංවාදයක
2022-05-18 14:57:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (18) පෙරවරුවේ පිලිපීනයේ ජනාධිපති ධුරයට තේරී පත් වූ Ferdinand Marcos Jr මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය. Ferdinand Marcos Jr මහතා වෙත ෂී ජින් පිං මහතා නැවතත් සුබ පැතුම් පිරිනැමීය.

සිය අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී චීනය සැමවිටම පිලිපීනයට ප්‍රමුඛත්වය දී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කර යටිතල පහසුකම්, කෘෂිකර්මය, බලශක්තිය, අධ්‍යාපනය යනාදී ජනතාවගේ ජීවනෝපායන්ට සම්බන්ධ සහයෝගතාවන්ට අවධානය යොමු කෙරේ. වසංගත විරෝධී සහ පශ්චාත් වසංගත ප්‍රකෘතිය කෙරෙහි  සැලකිල්ල දක්වන චීනය අදාල සහයෝගතාවන් පුළුල් කිරීමට පිලිපීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. චීනය සැම විටම, පිලිපීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ක්‍රියාකාරී සහයෝගය සහ සහාය ලබා දෙනු ඇති බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

අනාගතයේදී පිලිපීන-චීන සබඳතාවල වඩා හොඳ සහ ශක්තිමත් වර්ධනයක් සඳහා තමා අපේක්ෂාවෙන් සිටින බව Ferdinand Marcos Jr ජනාධිපතිවරයා පැවසීය. පිලිපීන-චීන සබඳතා වර්ධනයට අඛණ්ඩව නව සහ ශක්තිමත් උත්තේජනයක් ලබා දීමට චීනය සමඟ වෑයම් කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම