යුද හමුදාවෙන් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවලක්
2022-05-18 15:50:35
Share with:

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද හමුදා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවල අද සිට නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ සඳුදා සිට සෙනසුරාදා දක්වා වන දින 06 පුරාවට පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

අවුරුදු 20 සිට ඉහළ පුද්ගලයින්ට මෙහිදී කොවිඩ් එන්නත ලබාගත හැකි අතර, අවශ්‍ය පුද්ගලයින්ට 04 වන කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම