ප්‍රමාණවත් ඩීසල් තොග ලැබී ඇතැයි බලශක්ති ඇමති කියයි
2022-05-18 15:49:52
Share with:

ප්‍රමාණවත් ඩීසල් තොග ලැබී ඇති බවත් මෙරට පිහිටි සක්‍රීය ඉන්ධන පිරවුම්හල් 1190 ටම අද(18) පස්වරුව වන විට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

එසේම ඉදිරි සති කිහිපයේදී  අඛණ්ඩව ඩිසල් ලබා දීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා කියා සිටියේය.

එහෙත් පෙට්‍රල් පිළිබඳ ගැටලුවක් පවතින බවත් අද (18) සහ හෙට (19) යන දින දෙක තුළ පෝලිම්වල රැඳීසිටිය ද පෙට්‍රල් ලබාදීමට නොහැකි බව ඇමති කංචන විජේසේකර මහතා පැවසීය. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් අද සහ හෙට දිනවල දී පිරවුම්හල් වෙත නිකුත් කෙරෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

සිකුරාදා (20) දිනයේ සිට පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කළද ඉන්ධනහල් තුළින් නිකුත් කිරීමට ද දින තුනක් පමණ ගතවිය හැකි බවය.

 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම