චීන ඉරාක සබඳතා තවදුරටත් වර්ධනයට ඉරාකය සූදානම්
2022-05-18 10:35:54
Share with:

චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට ඉරාකය විශාල වැදගත්කමක් ලබා දෙන අතර පොදු ප්‍රතිලාභ සඳහා චීනය සමඟ කටයුතු කිරීමට සූදානමින් සිටින බව  ඉරාක ජනාධිපති Barham Saleh මහතා ඊයේ (17) පැවසීය.

ඉරාකයේ නව චීන තානාපති Cui Wei මහතා සිය අක්තපත්‍ර භාරදුන් අවස්ථාවේ දී  ජනාධිපතිවරයා මේ බව පැවසීය.

විවිධ ක්ෂේත්‍රවල මිත්‍රශීලී හුවමාරු ශක්තිමත් කර,එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පිළිබඳ සහයෝගිතාව ගැඹුරු කරමින් මානව හුවමාරුව සමීප කිරීම හා අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය වර්ධනයට චීනය සමඟ කටයුතු කිරීමට ඉරාකය කැමත්තෙන් සිටී.

      චීනය ඉරාකය සමඟ ඇති සබඳතා  වැදගත් කොට සළකන බව Cui Wei තානාපතිවරයා එහිදී පැවසීය.මෑත වසරවලදී, චීන-ඉරාක උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව වර්ධනය වී තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ සහයෝගිතාව කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි ද Cui Wei මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම