පින්ලන්තය හා ස්වීඩනය NATO සංවිධානයට එක්වීමට ගන්නා උත්සාහයට තූර්කියේ අකමැත්ත
2022-05-18 11:36:40
Share with:

පින්ලන්තය හා ස්වීඩනය NATO සංවිධානයට එක්වීමට දරන උත්සාහයට එකඟ නොවන බව තූර්කිය ප්‍රකාශ කරයි.

තූර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා පසුගිය 16වැනි දා එරට නිල සංචාරයක නිරත ඇල්ජීරියා‍ ජනාධිපති Abdelmadjid Tebboune මහතා හමුවීමෙන් පසු මේ බව ප්‍රකාශ කළේ ය.

තූර්කි ජනාධිපතිවරයා පවසන්නේ පින්ලන්තය හා ස්වීඩනය NATO සංවිධානයට එක්වන්නේ නම් NATO සංවිධානය ආරක්ෂක සංවිධානයක් නොවී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් සිටින සංවිධානයක් බවට පත් වනු ඇති බවයි. මෑතක, බොහෝ අවස්ථා වල දී තූර්කිය අවධාරණය කර ඇත්තේ, පින්ලන්තය හා ස්වීඩනය NATO සංවිධානයට එක්වීමට උත්සාහ කරන්නේ නම් Kurdistan කම්කරු පක්ෂයට හා Gülen මෙහෙයුමට දක්වා ඇති සහාය අනිවාර්යයෙන් ම නතර කළ යුතු බවයි. තූර්කියට පනවා ඇති ජාතිකාරක්ෂක උපකරණ අපනයනය කිරීමේ සීමා ඉවත් කළ යුතු බව ද තූර්කියේ අදහස වී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම