එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ, සංවර්ධනය සඳහා අයිතිය පිළිබඳ අන්තර් රාජ්‍ය කාර්ය කණ්ඩායම් රැස්වීමේදී ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ හඳුන්වාදීමක්
2022-05-17 10:59:25
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ, සංවර්ධනය සඳහා අයිතිය පිළිබඳ අන්තර් රාජ්‍ය කාර්ය කණ්ඩායම් රැස්වීමේදී චීන නියෝජිතයෙක් ගෝලීය සංවර්ධන මුලපිරුම හඳුන්වා දෙයි.

චීන නියෝජිතයා ඊයේ (16) පැවති එම රැස්වීමේදී මානව හිමිකම් සඳහා සංවර්ධනයේ දායකත්වය අවධාරණය කර තිබේ. සංවර්ධනය වැදගත් කොට සලකා, ගෝලීය සංවර්ධන මුලපිරුම සක්‍රියව ක්‍රියාත්මක කරන ලෙස ඔහු එහිදී ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

චීනය, ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කරන්නේ, සංවර්ධනය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු කරමින්, ගෝලීය සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කොට එම සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි. එම මුලපිරුම 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා නව ප්‍රාණයක් ලබා දෙයි. එසේම එමගින් වඩාත් ප්‍රබල, ශක්තිමත් මෙන්ම හරිත ගෝලීය සංවර්ධනයක් සාක්ෂාත් කිරීම අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සංවර්ධනය සඳහා අයිතිය පිළිබඳ අන්තර් රාජ්‍ය කාර්ය කණ්ඩායමේ 23වැනි රැස්වීම ඊයේ (16) සිට 20වැනිදා දක්වා දින 5ක් පුරා ජිනීවාහිදී පැවැත්වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම