රුසියාවට එරෙහි හයවන සම්බාධක පැකේජය සම්බන්ධයෙන් එකඟතාවක් පළ නොවේ
2022-05-17 17:01:31
Share with:

රුසියාවට එරෙහි හයවන සම්බාධක පැකේජය සම්බන්ධයෙන් එකඟත්වයකට එළඹීමට යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරු අපොහොසත් වෙති.මතභේදයට තුඩු දී ඇති ඛනිජ තෙල් සම්බාධකයන් ද ඊට අයත් විය.

බ්‍රසල්ස් හි පැවති යුරෝපා සංගම් විදේශ කටයුතු කවුන්සිලයේ රැස්වීමෙන් පසුව, විදේශ කටයුතු පිළිබඳ  ඉහළ පෙලේ නියෝජිත ජෝසෙප් බොරෙල් මහතා  මාධ්‍ය හමුවකදී  පැවසුවේ හයවන සම්බාධක පැකේජය සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත්, "යුක්රේනය ආක්‍රමණය කිරීමේ මිල ක්‍රෙම්ලිනයට දරාගත නොහැකි වන පරිදි යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පනවනු ඇත," යනුවෙන් ද බොරෙල් මහතා පැවසීය.

ගැටළුව  යුරෝපා සංගමයේ සාමාජික රටවල රජයේ නිත්‍ය නියෝජිතයින්ගේ කමිටුව වෙත යොමු කිරීමට පියවර ගැනෙනු ඇත . 

යුක්‍රේනයට ආයුධ බෙදාහැරීම සඳහා යුරෝ මිලියන 500ක් යුරෝපා සංගමයේ සාම මධ්‍යස්ථානයෙන් ලබා දෙන බව ද බොරෙල් මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම