චීනයේ රේගු බදු අනුපාත අඩු කෙ‍රුණු දශකයක්
2022-05-17 16:38:16
Share with:

ගෙවී ගිය වසර 10 තුළ චීනය රේගු බදු අනුපාත සියයට 9.8ක් සිට 7.4ක් දක්වා අඩු කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව අද(17) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු චීනය මුදල් හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරු කරමිත් බහු පාර්ශ්වික හා ද්විපාර්ශ්වික මූල්‍ය සංවාද ශක්තිමත් කර ඇති බවයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපිත කිරීම , නව සංවර්ධන බැංකුව ගොඩනැංවීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීම චීනය විසින් සිදු කර තිබේ. රේගු බදු අනුපාත 2010 වසරේ පැවති සියයට 9.8ක් සිට 7.4ක් දක්වා අඩු කරමින් චීනය වඩාත් ඉහළ මට්ටමේ විවෘත ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කර තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම