නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති චීනයේ සාර්ථකත්වය යි
2022-05-17 15:19:48
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන රජය නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් චීනයට ආර්ථික හා සාමාජීය වශයෙන් විශාල ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකිව ඇතැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක් හේමන්ත පනාවල පවසයි. විශේෂයෙන්ම නිවැරිදි අවස්ථාවලදී නිවැරිදි තීරණ ගැනීම ඊට මූලික හේතු වී ඇත. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනා කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන චීනය ලබා ගෙන තිබෙන දියුණුවේ ප්‍රතිලාභ සෙසු සංවර්ධනය වෙමින් රටවල් අතර බෙදා ගන්නා වටිනා වැඩසටහනකි. එම වැඩසටහනට රටවල් හා කලාප සියකට අධික සංඛ්‍යාවක් සම්බන්ධවීමෙන් එහි වැදගත්කම පැහැදිලිය. විශේෂයෙන් චීනයේ සාර්ථක සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කරමින් විවිධ වැදගත් සංවර්ධන ප්‍රතිපත්ති තීන්දු ගැනීමේ දී ඒවා ආදර්ශයට ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් ක්‍රියා කිරීම වැදගත් යැයි ද ප්‍රදේශීය සභා මන්ත්‍රී අශෝක් හේමන්ත පනාවල මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම