ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් දර්ශකයේ චීන RMB මුදල් ඒකකයේ බර තැබීම් ඉහළට
2022-05-17 19:39:14
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ගැනුම් හිමිකම් දර්ශකයේ චීන RMB මුදල් ඒකකයේ බර තැබීම් ඉහළ නංවයි.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය අඛණ්ඩව අනුගමනය කිරීම, ආර්ථික හා සමාජ වර්ධනය කිරීම මගින් ලබා ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවේ පිළිගැනීම ඉන් පිළිබිඹු වන බවයි. එමගින් චීන RMB මුදල් ඒකකයේ ජාත්‍යන්තර සංචිත මුදල් ස්ථානය තවදුරටත් ඉහළ යාමට උපකාරී වේ. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර පහකට වරක් සිදු කරන විශේෂ ගැනුම් හිමිකම් විමර්ශනය අවසන් කර ඇති අතර චීන RMB මුදල් ඒකකයේ බර තැබීම් 10.92% සිට 12.28% දක්වා ඉහළ නංවා තිබේ. චීනය අඛණ්ඩව ස්ථීර‍ ලෙස මූල්‍ය වෙළඳපොලේ ප්‍රතිසංස්කරණ හා විවෘත භාවය අනුගමනය කරනු ඇතැයි ද Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම