මන්ත්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාවක් සලසන ‍ලෙසට කතානායකවරයා පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දෙයි
2022-05-17 16:30:49
Share with:

වත්මන් අර්බුදකාරී තත්ත්වය මත මන්ත්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාවක් සලසන ‍ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දෙයි.

සියලු මන්ත්‍රීවරුන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙසට කතානායකවරයා දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව කී කතානායකවරයා මන්ත්‍රී වරුන්ගේ මෙන්ම ඔවුන් පදිංචි පදිංචි ස්ථාන වල ආක්ෂාව වැඩි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද  කතානායකවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම