අභියෝග ජය ගැනීමට එක්වන ලෙසට අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් ඉල්ලීමක් කරයි
2022-05-17 16:33:33
Share with:

 

අභියෝගාත්මක අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් වගකීම අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතා කැපවීමෙන් ඉටුකිරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තමන් මෙම අභියෝගය භාරගත්තේ රට වෙනුවෙනි. රට හමුවේ ඇති අභියෝග ජයගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ද වික්‍රමසිංහ මහතා සදහන් කළේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමිනි. 2022 වසර සදහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබේ.

ඉදිරි මාස කිහිපය දුෂ්කර කාලයක් වුවද ඊට සියලු දෙනාට කැපවීමෙන් මුහුණ දීමට සිදුවෙයි. ජනතාවට කරුණු සැඟවීමට තමන් කිසිසේත් සූදානම් නැතැයි ද අගමැතිවරයා කීය. දුෂ්කර කාලයකට මුහුණ දීමට සිදු වුවද එය කෙටි කාලීන තත්ත්වයකි. ඉදිරි මාස කිහිපයේදී අපට මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය ලැබෙනු ඇතැයි ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම