NATO සංවිධානයට එක්වීමට ස්වීඩනයේ නිල තීරණයක්
2022-05-17 10:21:08
Share with:

NATO සංවිධානයට එක්වීම සඳහා අයදුම් කිරීමට ස්වීඩනය රජය නිල වශයෙන් තීරණය කරයි.

ෆින්ලන්ත රජය NATO සංවිධානයට එක්වීම සඳහා අයදුම් කිරීම තීරණය කර දිනකට පසුව, ස්වීඩන අග්‍රාමාත්‍ය Magdalena Andersson මහත්මිය ඊයේ(16) මේ බව ප්‍රකාශ කළා ය.

ස්වීඩන පාර්ලිමේන්තුව ඊයේ විශේෂ විවාදයක් පැවැත්වීය. පක්ෂ 8කින් 6ක් NATO සංවිධානයට එක්වීම සඳහා අයදුම් කිරීමට එහිදී එකඟ වී තිබේ. ඉන්පසුව පැවති මාධ්‍ය හමුවේදී එරට අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ, ස්වීඩනය ෆින්ලන්තය සමග එක්ව NATO සංවිධානයට එක්වීමට අයදුම් කරන බවයි.

එහෙත්, තම රට NATO සංවිධානයට එක්වීම පිළිබඳව වි‍රෝධතාව දැක්වීම සඳහා පුරවැසියන් පිරිසක් පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක්  පැවැත්වූහ..

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම