“සංවර්ධනය සාක්ෂාත් කිරීමේදී මහා සංස්කෘතියක අභිමානය අතනොහැරි චීන කොමියුනිස්ට් පක්ෂය”- ප්‍රවීණ නර්තනවේදිනි, ශාස්ත්‍රපති අනුෂ්කා ඒකනායක
2022-05-17 15:28:04
Share with:

සංවර්ධනීය නව යුගයක් කරා යන බොහෝ ජාතීන්ට තම සංස්කෘතික වටිනාකම් අතහැර ඉදිරියට යාමට සිදුවන්නේ ආර්ථික අරමුණුවලට ප්‍රමුඛතාවක් හිමිවන නිසාය. එහෙත්, චීන කොමියුනිස්ට් පක්ෂය සියවසක් තිස්සේ ආ සංවර්ධන චාරිකාවේදී තම අභිමානවත් සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන් විශිෂ්ට ලෙස ආරක්ෂා කර ගැනීම අතිශය ප්‍රශංසනීය බව ප්‍රවීණ නර්තනවේදිනි, ශාස්ත්‍රපති අනුෂ්කා ඒකනායක මහත්මිය කියාසිටී.

චීනය මහා සංස්කෘතික කෝෂ්ඨාගාරයකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක ලෙස චීනයේ සංචාරය කළ අවස්ථාවලදී චීන නර්තන හා නාට්‍ය සම්ප්‍රදායයන් හා ඒවායේ ප්‍රබල ජීව ගුණයන් එලෙසින්ම දැකබලා ගැනීමට තමාට හැකිවූ බව ඇය සිහිපත් කරයි. බෙයිජිං ඔපෙරාව වැනි සම්භාව්‍ය, ගැඹුරු මෙන්ම අසීරු කලා සම්ප්‍රදායයක් මේ සා දිගුකලක් අඛණ්ඩව පවත්වා ගැනීම කිසිසේත් පහසු කාර්යයක් නොවන බව අනුෂ්කා ඒකනායක මහත්මිය පෙන්වාදෙයි.  

චීනය අනාගතය උදෙසා සංරක්ෂණය කළේ, සම්භාව්‍ය කලාවන් පමණක් නොවේ. එරට විවිධ ප්‍රදේශයන් සතුව, ඒ ඒ ජනවර්ගවලට ආවේණික වූ කලා සංස්කෘතික ශිල්ප අතිවිශාල ප්‍රමාණයක් පවතී. ප්‍රාදේශීය කලාවන් රැකගැනීම සඳහා පළාත් සංස්කෘතික ආයතන හා කෞතුකාගාර පිහිටුවීමට ද චීන කොමියුනිස්ට් බලධාරීහු ක්‍රියාකළහ. ප්‍රසංග කලාවන්ට අමතරව, චිත්‍ර කලා, හස්ත කර්මාන්ත, පිඟන් මැටි හා රෙදිපිළි නිපැයුම් ආදී විවිධ පාරම්පරික උරුම විශාල ප්‍රමාණයක් ලෝක අස්පර්ශ සංස්කෘතීන් ලෙස ප්‍රකාශයට පත්කිරීම දක්වා ඔවුන් ප්‍රබල කාර්ය භාරයක් ඉටුකර ඇත.

උපරිම ජනතා සේවය, ආර්ථික සමෘද්ධිය මෙන්ම කලාපීය බලවතෙකුගේ වගකීම යන මේ සියල්ල සාක්ෂාත් කළ යුතු වන්නේ, පෞරාණික වටිනාකම් සමගිනි යන ‍ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල දැක්මට ලොව සමස්ත කලාකරුවන්ගේ ශීර්ෂ ප්‍රණාමය හිමිවිය යුතු බව  ප්‍රවීණ නර්තනවේදිනි,   අනුෂ්කා ඒකනායක මහත්මිය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම