ආර්ථික අර්බුදය විසඳීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර
2022-05-16 18:46:17
Share with:

ආර්ථික අර්බුදය විසඳීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව අප රටට ආධාර දීමට එකඟ වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සඳහන් කළේ රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවලදී ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටලු සහ ආර්ථික කටයුතුවලට ආධාර දීමට ඔවුන් පොරොන්දු වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව අන්තර්ජාතික සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇති බවත් එම සාකච්ඡා ධනාත්මක බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම