ඇමරිකාව ආර්ථික අවපාතයක් අභියස
2022-05-16 10:50:04
Share with:

 

ඇමරිකාව ආර්ථික අවපාතයකට යොමු වීමේ අවදානම අතිශය ඉහළ මට්ටමක පවතින බව එරට Goldman Sachs සමූහයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙක් අනතුරු අඟවයි.

  ලෝකයේ විශාලතම ආයෝජන බැංකුවක් වන ඇමරිකානු Goldman Sachs සමූහයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු වන Lloyd Blankfein මහතා ඊයේ(15) පැවසුවේ ඇමරිකාව, ආර්ථික අවපාතයකට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු බවයි. එරට The Hill පුවත්පත එය වාර්තා කර තිබේ.

  Lloyd Blankfein මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළේ ෆෙඩරල් සංචිත පද්ධතිය සතු බලවත් ආර්ථික උපකරණවලට, මෙම තත්ත්වය සම්බන්ධයෙන් යම් බලපෑමක් එල්ල කළ හැකි වුවද මෙවැනි උපකරණ මගින් සිදු කරන ආර්ථික තත්ත්වයේ වෙනසකින් කඩිනම් ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම