නවදිල්ලි නුවර අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්
2022-05-16 09:56:48
Share with:

ඉන්දියාවේ නවදිල්ලි නුවර අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වෙයි

ඊයේ (15) ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 ඉක්මවා ගියේය.

පෙර සමාන කාලයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5 කින් උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තයන්ට අනුව, නවදිල්ලි නුවර ප්‍රදේශ දෙකක උෂ්ණත්වය පිළිවෙලින් සෙල්සියස් අංශක 49.1ක් සහ සෙල්සියස් අංශක 49.2ක් ලෙසට සටහන් විය. එමෙන්ම අඩුම උෂ්ණත්වය සහිත කලාපයේ ද සෙල්සියස් අංශක 45.5 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.

අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණයක් තත්ත්වයක් වාර්තා වීමට පවතින නියඟය බලපා තිබේ. අප්‍රේල් මාසයේ නවදිල්ලි නුවර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.2ක් වූ අතර 1951 වසරින් පසු දෙවන ඉහළම අගය ලෙසට එය වාර්තා විය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම