චීන හා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරු දුරකථන සංවාදයක
2022-05-16 18:51:10
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා හා පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා අද(16) පෙරවරුවේ එම දුරකථන සංවාදයේ නිරත වූහ. 

චීනය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී චීන පාකිස්ථාන සබදතාවට සැමවිටම ප්‍රමුඛත්වය දෙන අතර  ආර්ථික සංවර්ධනය, ජන ජීවිතය යහපත් කිරීම, මූල්‍ය ස්ථාවරත්වය රැක ගැනීම හා චීන පාකිස්ථාන ආර්ථික කොරි‍ඩෝව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීනය අඛණ්ඩව පාකිස්ථානයට සහය ලබා දෙන බව ලී ක ච්‍යං මහතා පැවසීය. කරච්චි නුවරදී චීන වැසියන්ට ප්‍රහාර එල්ල වීම පිළිබද චීනය කම්පනයට හා කෝපයට පත් විය. එම ත්‍රස්ත ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකින අතර අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පාකිස්ථානය ක්‍රියා කරනු ඇතැයි  ලී ක ච්‍යං මහතා බලාපොරොත්තු පළ කළේය.

එම ප්‍රහාරය විමර්ශනය කිරීමට පාකිස්ථානය හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව පැවසූ පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif දෙරට අතර පවතින ස්ථීර මිතුදම දෙරටේ සහයෝගිතාව පෙර නොවූ මට්ටමට ගෙන යාමට උපකාරී වනු ඇතැයි සඳහන් කළේ ය. චීනය සමග චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව කඩිනමින් ඉදි කිරීම, වැදගත් ව්‍යාපෘති හා ආර්ථික කලාප ඇතුළු සහයෝගතා ගැඹුරු කිරීම මගින් දෙරටේ ජනතාවට සුභ සෙත සැලසීමට පාකිස්ථානය කැමැත්තෙන් සිටින බව හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම