අසීරු අවස්ථාවන්හිදී වීර්යාධික විය යුතු බව ජනපති කියාසිටී
2022-05-15 14:44:18
Share with:

බුදු දහමට අනුව වීර්යාධික වූවෝ ගැඹුරින් විමසා, කල්යල් බලා තීරණවලට එළඹ වඩාත් උචිත විසඳුම් ලබා දුන් අවස්ථා බෞද්ධ අපට ආගන්තුක නොවන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ මේ බව දැක්වේ.

අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය පිළිබඳ කරුණු බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම බුද්ධ චරිතය පුරා අපට සුලබව හමුවේ. එබැවින් අසීරු අවස්ථාවන්හිදී වීර්යාධික විය යුතු බවත්, රට අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ, රටවැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලුදෙනා එක්ව කඩිනම් විසඳුම් සෙවිය යුතු බවත්, ජනාධිපතිවරයා කියාසිටී. මෙහිදී සිදුවිය යුත්තේ, මූලික අරමුණින් බැහැර නො වී අපේක්ෂිත ඉලක්කය වෙත ළඟාවීම යි.

සම්මුතිවාදී, ධර්මගරුක සමාජයක් ගොඩනැඟීම සියලුදෙනාගේ ඒකායන අරමුණ වේවා! යි උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ  ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම