නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති
2022-05-15 16:13:55
Share with:

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක්, පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යනුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් පත්කෙරෙති. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

නව අමාත්‍යවරු සිවුදෙනා ඊයේ (14) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

විදේශ කටයුතු  අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස,  දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරයේ ප්‍රසන්න රණතුංග මහතා ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයේ  කංචන විජේසේකර මහතා ද දිවුරුම් දී ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම