තම කාර්යාලයේ කාර්ය මණ්ඩලය අඛණ්ඩව ආරක්ෂක තර්ජනවලට මුහුණදෙමින් සිටින බව ඇමරිකාවේ රුසියානු තානාපති කියයි
2022-05-15 15:51:59
Share with:

ඇමරිකාවේ රුසියානු තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය, අඛණ්ඩව ආරක්ෂක තර්ජනවලට මුහුණදෙමින් සිටින බව, එරට රුසියානු තානාපතිවරයා පවසයි.

ඇමරිකාවේ රුසියානු තානාපති Anatoly Antonov මහතා ඊයේ (14) රුසියානු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ බව පැවසීය.

ඇමරිකාව, රුසියානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ මුහුණට මුහුණ සම්බන්ධතා පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ඇත. එසේම, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව ආරක්ෂක තර්ජනවලට මුහුණ දෙන අතර, ඇතැම් පුද්ගලයන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට තර්ජනාත්මක ක්‍රම මගින් තම ජාතික අයිතිවාසිකම් පාවාදෙන ලෙස ඉල්ලා සිටින බව ද Anatoly Antonov මහතා එහිදී කියා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම