එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබපැතුම්
2022-05-15 19:53:13
Share with:

චීන ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා වෙත ඊයේ (14) මෙම සුබපැතුම් පණිවිඩය යොමු කර ඇත.

චීන- එක්සත් අරාබි එමීර් රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය වැදගත් කොට සලකන තමා, දෙරට ජනතාවගේ ප්‍රයෝජනය සඳහා,  විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම සඳහා ජනාධිපති මොහොමඩ් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජීන් පීං මහතා පෙන්වා දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු ජනාධිපති ශීක් කලීෆා බින් සයිඩ් අල් නයන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා, නව ජනාධිපතිවරයා වෙත ශෝක පණිවිඩයක් ද යවා තිබේ. චීන රජය සහ ජනතාව වෙනුවෙන් සහ පෞද්ගලිකව ද, ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳව ඔහුගේ ඥාතීන්ට සහ එරට ජනතාවට චීන ජනපතිවරයා අවංක ශෝකය පළ කර ඇත.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම