චීනයේ Shanghai නගරයේ විදේශ ව්යනවසායයන් යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩ ව
2022-05-15 16:17:48
Share with:

   

    චීනයේ Shanghai නගරයේ විදේශ ව්‍යවසායයන් යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩ ව සිදුකෙරේ.

    Shanghai නගරයේ දී, අද(15) පෙරවරුවේ පැවති නව කොරොනා වසංගත පාලනය පිළිබඳ මාධ්‍ය හමුවේදී Shanghai වාණිජ්‍ය කමිටු අධ්‍යක්ෂ Gujun මහතා එහි විදේශ ආයෝජන මෙන් ම විදේශ වෙළඳ ව්‍යවසාය යළි ආරම්භ කිරීම පිළිබඳ තොරතුරු පැහැදිලි කළේ ය.

    ව්‍යාපාරික මෙහෙයුම් යළි ආරම්භ කළ හැකි ප්‍රධාන විදේශ වෙළඳ ව්‍යවසාය ලැයිස්තු 2ක් Shanghai නගරය නිකුත් කර ඇති බව ඔහු පැවසීය. පළමුවැනි ලැයිස්තුවට අයත් ව්‍යවසායයන්ගෙන් 63%ක් සිය ව්‍යාපාර යළි අරඹා තිබේ. දෙවැනි ලැයිස්තුවට අයත් ව්‍යවසායයන් තම ව්‍යාපාර යළි ආරම්භ කිරීමට සූදානමින් සිටී.

    නව කොරොනා වසංගත පාලන තත්ත්වයට අනුව, විදේශ ව්‍යවසායයන් ව්‍යාපාර යළි ආරම්භ කිරීමේ සැලසුම් Shanghai වාණිජ්‍ය කමිටුව නිසි කලට ක්‍රියාවට නංවයි. එම ව්‍යවසායයන් යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රමානුකූලව ඉදිරියට මෙහෙයවන බව ද Gujun මහතා තවදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම