චීනයේ සමස්ත භාණ්ඩ ප්‍රවාහන සේවාවන්හි ප්‍රශස්ත ක්‍රියාකාරිත්වයක්
2022-05-14 16:36:16
Share with:

චීනයේ භාණ්ඩ ප්‍රවාහන සේවා සමස්තයක් වශයෙන් ප්‍රශස්ත ක්‍රියාකාරිත්වයක පවතින බව නිල දත්ත මගින් තහවුරු වෙයි.

චීනයේ ජාතික දුම්රිය මාර්ග ඔස්සේ, ඊයේ(13) ප්‍රවාහනය කෙරුණු භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 10.8 ඉක්මවා ගියේය. එම ප්‍රමාණය පසුගිය මස 13 වැනිදාට වඩා 0.34% ක වැඩිවීමකි. එසේම, ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සංඛ්‍යාව 599 ක් වූ අතර, දේශීය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සංඛ්‍යාව 199 කි. එය පසුගිය මස 13වැනිදාට සාපේක්ෂව  3.2%ක වැඩිවීමකි. මේ අනුව, චීනයේ සමස්ත භාණ්ඩ ප්‍රවාහන සේවාවන්හි ක්‍රමවත් ක්‍රියාකාරිත්වය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම