රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම තම ඒකායන අරමුණ බව අග්‍රාමාත්‍යවරයා කියාසිටී
2022-05-14 15:50:15
Share with:

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම තම ඒකායන අරමුණ බවත්, ආහාර හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ බී බී සී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට ඊයේ(13) එක්වෙමිනි.

එසේම, ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා ගැනීම සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට අගමැතිවරයා රටවල් කිහිපයක රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කළේය.

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඉදිරි සහය හා ආර්ථික ප්‍රකෘතිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමුවිය. මෙරටට අඛණ්ඩව සහය දීමට චීනය කැමැත්තෙන් සිටින බව, චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා ද පවසා තිබේ. මීට අමතරව ජපන් තානාපති, ඇමෙරිකානු තානාපතිනිය සහ  බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඔවුන් පවසා ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම