චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2023 ආසියානු කුසලාන වෙනත් රටක දී
2022-05-14 17:54:39
Share with:

2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය චීනය වෙනුවට වෙනත් රටක පැවැත්වීමට තීරණය කෙරේ.

එම තරගාවලිය 2023 වසරේ ජුනි 16වැනි දා සිට, ජූලි 16වැනි දා දක්වා චීනයේ පැවැත්වීමට නියමිත ව තිබිණ. නව කොරොනා වසංගත බලපෑම් හේතුවෙන් ආසියානු පාපන්දු සම්මේලනය, චීනයේ පාපන්දු සංගමය හා 2023 ආසියානු කුසලාන තරගාවලියේ චීන සංවිධායක කමිටුව ඒකාබද්ධ ව සාකච්ඡා කිරීමෙන් පසු තීරණය ක‍ර ඇත්තේ, මෙම තරගාවලිය චීනය වෙනුවට වෙනත් රටක පැවැත්වීම සුදුසු බවයි. තරගාවලිය පැවැත්වෙන නව ස්ථානය හැකි ඉක්මණින් තීරණය කෙරෙන බව ද, ආසියානු කුසලාන සඳහා වන චීන සංවිධායක කමිටු නිල වෙබ් අඩවිය අද(14) හෙළිකළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම